අපේ දැක්ම
1. ආහාර සුරත්ෂිතාවය හා පරික්ෂාව
2. රෝග වාහක පාලනය
3. පාරිසරික බලපත්‍ර ලබා දීම
4. නොදිරන කසළ කළමනාකරණය
5. වැසිකිළි ආධාර ලබා දිම
6. අඩු ආදායම්ලාභී ගර් භනී මව්වරුන්වෙත පෝෂණ මලු ලබා දීම
7. අඩු ආදායමලාභී පාසැල් ළමුන්වෙත පෝෂණ මලු ලබා දීම
8. සුසාන භූමි නඩත්තුව හා පවත්වාගෙන යාම.
9. පොදු ළිං , ළමා උද්‍යාන සම්බන්ධ කටයුතු
10. වසම් මට්ටමින් ප්‍රජා මූල සංවිධාන පවත්වාගෙන යාම
01 ආහාර සුරක්ෂිතතාවය හා පරික්ෂාව
නිෂ්පාදිත ආහාර ද්‍රව්‍ය අලෙවි සැලක ආහාර වල පිරිසිදු බව හා සෞඛ්‍ය ආරක්ෂිත බව පිළිබදව තත්ත්ව පරීක්ෂාව සිදු කෙරේ. මෙමගින් පහත අරමුණු ඉටුකර ගැනීමට අපේක්ෂා කෙරේ.
1. සෞඛ්‍යාරක්ෂිත ආහාර නිෂ්පාදන ක්‍රියාවලියේ යෙදිම සදහා ආහාර පරිහරණය කරන්නන් හා ආයතන හිමියන් සක්‍රිය දැනුවත් කිරීම.
2. ආහාර වල සෞඛ්‍යාරක්ෂිත බව වැඩි දියුණු කිරිම.
3. ආහාර වල ගුණාත්මක බව හා සෞඛ්‍යාරක්ෂිත බව සහතික කිරීම හා එය පවත්වාගෙන යාම.
4. ආහාර පරිහරණ ආයතන පරික්ෂාවෙන් අනතුරුව ඒවා පහත පරිදි වර්ගීකරණයන් සිදු කරනු ලබයි. මෙම පරික්ෂාව පිළිබදව විස්තර කෑගල්ල ප්‍රාදේශීය සභා කාර්යාලයෙන් ලබා ගත හැක.
| අනු අංකය | ලකුණු | ශ්‍රේණිය | තතත්වය | වර්ණය |
| 01 | 100-75% |
A |
හොදයි |
GREEN |
| 02 | 74-50 |
B |
සතුටුදායකයි |
YELLOW |
| 03 | 49-25 |
C |
අසතුටුදායකයි |
ORANGE |
| 04 | 24-0 |
G |
අසතුටුදායකයි |
RED |
මනුෂ්‍ය පරිභෝජනය සදහා කිසියම් ආහාරයක් හෝ පානයක් අර් ධ වශයෙන් හෝ පුර්ණ වශයෙන් නිෂ්පාදනය කරන,පරීක්ෂණය කරන හෝ ඇසිරිම කරනු ලබන ස්ථානයක් අදහස් කරනු ලබන අතර ඊට බේකරි සහ ඇඹරුම් ක්‍රියාවලිය පමණක් සිදු කරන ඇඹරුම්හල් අයත් නොවේ.
මානුෂ පරිභෝජනය සදහා ප්‍රධාන ආහාර වේල් තුනෙන් එකක්වත් සකස් කර පිළිගන්වනු ලබන ස්ථානයක් අදහස් කෙරේ.
පාන් සහ තිරිඟු පිටි හා වෙනත් පිටි ආශ්‍රිත ආහාර නිෂ්පාදනය කරන ස්ථාන අදහස් වේ.
ප්‍රධාන ආහාර වේලක් නොවන ආහාර පිළිගන්වනු ලබන ස්ථානයක් අදහක් වේ.
ආහාර පිළියෙල කරන හෝ සකස් කිරිමේ ක්‍රියාවලියකින් තොරව,සකස් කළ ආහාර හෝ ආහාර අමුද්‍රව්‍ය සිල්ලරට අලෙවි කරන ස්ථාන අදහස් වේ.
පාරිභෝගිකයන්ට තමා විසින්ම ආහාර තෝරා ගැනිමට අවස්ථාව සලසා ඇති.ආහාර ඇතුළු විවිධ වර් ගයේ පාරිභෝගික භාණ්ඩ රැසක් අළෙවි කරන මහා පරිමාණ වෙළෙදසැල් අදහස් කෙරේ.
ඉහත කාණ්ඩ හයට අයත් නොවන සෙසු සියළු ආහාර පරිහරණ ආයතන මේ කාණ්ඩයට අයත් වේ.එමෙන් ම මෙම පරීක්ෂණය සිදු කිරිමෙන් පසුව ආහාර පරිහරණ ආයතන සඳහා ශ්‍රේණි ලබා දිමක් සිදු කෙරේ.
02 රෝග වාහක පාලනය
මදුරුවන්, මැස්සන් හා මීයන් යන සතුන් වර්ධනය පාලනය කිරීම හා වර්ධනය මෙන්ම රෝගාබාධ පිළිබඳ ප්‍රජාව දැනුවත් කිරීම හා බෝවන රෝග පිළිබඳ සොයා බලා සෞඛ්‍ය අධ්‍යාපනය ලබා දීම වැනි ප්‍රධාන කාර්ය්‍ය වේ.මේ යටතේ,
කෑගල්ල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ තුළ සිටිනා සුනඛයින් එන්නත් කිරිම මෙමගින් සිදු කරනු ලබයි.මෙම රෝගය වැළඳී ඇති සුනඛයින් හඳුනාගත් විට විනාශ කිරීම මෙන් ම ජංගම සේවාවන් පවත්වා සුනඛයින් ලියාපදිංචි කිරිම හා බලපත්‍ර නිකුත් කිරීම සිදු කරයි
ඩෙංගු රෝග පාලනය සදහා විවිධ වු ක්‍රියාමාර්ගයන් රෝග වාහක පාලනය තුළින් සිදු කෙරේ.මෙම රෝගය වැළැක්වීම සදහා කෑගල්ල ප්‍රාදේශීය සභාව හා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය හා ඒකාබද්ධව විවිධ වැඩසටහන් ප්‍රජා සහයෝගය ඇතිව සිදු කරනු ලබයි. මෙහිදි ප්‍රධාන වශයෙන් නිවාස පරික්ෂාව සිදු කරන අතර එහිදි මදුරුවන් බෝවන ස්ථාන ඇති නිවාස සදහා නිතීමය ක්‍රියා මාර්ගයන් ගනු ලබයි.
තවද ඩෙංගු රෝග ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ප්‍රාදේශීය බල ප්‍රදේශය ආවරණය වන පරිදි නොදිරන ද්‍රව‍්‍ය එක් කිරිමේ වැඩ සටහනක් ක්‍රියාත්මක වේ. නොදිරන ද්‍රව්‍ය එකතු කිරීමේ රථය පහත පරිදි ඔබ ප්‍රදේශයට පැමිණෙනු ඇත.
03.වැසිකිලි ආධාර ලබා දීම.
ප්‍රාදේශීය සභා බලප්‍රෙද්ශය තුල ස්ථිර පදිංචිය යටතේ ඇති අඩු ආදායම්ලාභී පවුල් සදහා අයදුම් කළ හැකිය.මේ සදහා ඉල්ලීමේ ලිපිය සමඟ ග්‍රාම නිළධාරි විසින් සහතික කරන ලද මාසික ආදායම් වාර්ථාව සහ ප්‍රාදේශීය ලේකම් තුමාගේ අනු අත්සන සහිතව ඉදිරිපත් කළ යුතුය.