Disable Preloader

සංවර්ධන අංශය

කෑගල්ල ප්‍රාදේශීය සභා සංවර්ධන අංශය


මෙහෙවර

  • අනවසර ඉදිකිරිම් අවම කර ගනිමින් ,ග්‍රාමිය යටිතල පහසුකම් සංවර්ධනය කිරීම මඟින් බල ප්‍රදේශයේ ජනතාවට සංවර්ධන නගරයක් නිර්මාණය කිරීම
දැක්ම

  • යටිතල පහසුකම් වලින් පෝෂිත සුඛිත පුරවරයක් උදා කරලිම
 

‍සංවර්ධන අංශයෙන් ඔබට ලබා ගත හැකි සේවාවන්

  • ප්‍රාදේශිය සභා පාරවල් ,කාණු ,පැති බැමි,ප්‍රජා ශාලා,පඩි පෙල් ,ළිං , සුසාන භූමි යනාදිය සභා අරමුදලින් හා ලැබෙන්නා වු වෙනත් අරමුදල් වලින් ගොඩ නැගීම හා නඩත්තු කිරිම.
  • සභා අරමුදලින් හා ලැබෙන්නා වු වෙනත් අරමුදල් වලින් සිදුකරන විශේෂ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරිම.
  • මංමාවත් සහ මාර්ග සම්බන්ධතා පිළිබද පොදු අධිකාරිය ප්‍රාදේශීය සභාව සතු විමට අදාල කටයුතු
  • ජීවනෝපාය සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරිම.
  • බල ප්‍රදේශයේ විකුණන ඉඩම් සම්බන්ධව 1% බදු මුදල සහ 10% බිම් කොටස් සඳහා අදාළ කටයුතු, කට්ටි සැලසුම් අනුමත කිරිමේ කටයුතු.
  • පිඹුරු පත් අනුමත කිරිම.
  • නාගරික සංවර්ධන පනත, නිවාස හා නගර සංවර්ධන අඥා පනතට අදාලව ප්‍රාදේශිය සීමාව තුල ඉදි වන්නා වු ගොඩනැගිලි , නිවාස හා වෙනත් සංවර්ධන කාර්යන් සඳහා අනුමැතිය ලබා දීම.
  • ගිණුම් සම්බන්ධයෙන් විගණන මතයක් ලබා ගැනීම.
  • වරිපනම් ඇස්තමේනතු ගත ආදායමෙන් 100% අය කර ගැනීම.
  • හිඟ ආදායම් 100% ක් අය කර ගැනීම.
  • අරමුණට ළගා විය නොහැකි අවස්ථා වලදී නීත්‍යානුකූල පියවර ගැනීම.
  • වරිපනම් ප්‍රතිශෝධනයන් සිදු කර ආදායම වැඩි කර ගැනීම.
  • නව ආදායම් මාර්ග උත්පාදනය කිරීම.
  • බල ප්‍රදේශයේ සංවර්ධන කටයුතු සඳහා ප්‍රජාව දායක කර ගැනීමෙන් වඩා ඵලදායි සංවර්ධන කටයුතු ඉටු කිිරිම.
  • සතිපොල හා කඩ කාමර විධිමත් සැලසුමකට අනුව වැඩි ආදායමක් ලැබෙන සේ හා ප්‍රජාවට වැඩි සේවාවක් සැපයෙන ආකාරයට සංවර්ධනය කිරීම.
  • අනවසර ඉදි කිරීම් පාලනය කිිරිම.
  • බල ප්‍රදේශයේ මාර්ග පද්ධතිය සංවර්ධනය කිරීම.
  • ක්‍රීඩා භූමි, සුසාන භූමි සහ ළිං ආදියේ නඩත්තු කටයුතු පවත්වා ගෙන යාම.
  • දැනුමින් යහපත් ආකල්ප වලින් සහ මනා පුහුණුවකින් හෙබි කාර්ය මණ්ඩලයක් බිහි කිරීම.
  • නිසි ඇගයීමෙන් හා කණ්ඩායම් හැඟිමෙන් කටයුතු කරන කාර්ය මණ්ඩලයක් බිහි කිරීම.
  • සේවාලාභීන්ට, කාර්යය මණ්ඩලයට සුව පහසු අලංකාර කාර්යාල පරිසරයක් නිර්මාණය කිරීම.
  • යාවත්කාලීන කරන ලද විධිමත් තොරතුරු පද්ධතියක් පවත්වා ගෙන යාම.
  • ඉටු කරන ලද කාර්යයන් වල තොරතුරු ආරක්ෂා කිරීමේ විධිමත් වැඩ පිළිවෙලක් සකස් කිරීම.
 

‍ප්‍රාදේශිය සභා මාර්ග

ප්‍රාදේශිය සභා මාර්ග යනු

නගර සභා බල ප්‍රදේශය තුල පිහිටි මධ්‍යම රජයේ යටතේ ඇති AB මාර්ග හා පළාත් සභාව යටතේ ,E ශ්‍රේණියේ මාර්ග සහ කිසිදු ආයතනයකයට නම් නොකරන ලද හා කිසිදු අයුරින් ‍පෞද්ගලික අයිතිවාකමක් නොකියන ප්‍රාදේශිය සීමාව තුල ඇති මාර්ග ප්‍රාදේශිය සභා මාර්ග වේ. ප්‍රාදේශිය සභා මාර්ග කැඩි බිදී ගිය අවස්ථාවන් වලදි හෝ අලුත්වැඩියා සිදු කළ යුතු අවස්ථාවන්හි එය අලුත්වැඩියා කිරීම හා නව පාරක් ඉදි කිරීමක් අවැසි විටකදි මහජනතාව විසින් අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටි:

  • මහජනතාව විසින්ම ලිඛිතව හෝ අප ආයතනයට පැමිණ දැනුම් දීම.
  • තම මහජන නියෝජිත මාර්ගයෙන් දැනුම් දීම.

ප්‍රාදේශිය සභා පාරවල් ,කාණු ,පැති බැමි,ප්‍රජා ශාලා,පඩි පෙල් ,ළිං , සුසාන භූමි යනාදිය සභා අරමුදලින් හා ලැබෙන්නා වු වෙනත් අරමුදල් වලින් ගොඩ නැගීම හා නඩත්තු කිරිම.
සභා අරමුදලින් හා ලැබෙන්නා වු වෙනත් අරමුදල් වලින් සිදුකරන විශේෂ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරිම.

එය සිදු කරන්නා වු ක්‍රියා පටිපාටිය,

  • ව්‍යාපෘති යෝජනාව සකස් කිරිම
    අදාල යෝජනාව බල ප්‍රදේශයට අයත් විය යුතුය.
  • ඇස්තමේන්තු සැකසිම
    ඇස්තමේන්තු සකස් කිරිම කාර්මික නිලධාරි මහතෙකු විසින් පිළියෙළ කළ යුතු අතර සභාවේ අනුමැතිය මත ව්‍යාපෘතිය සඳහා මුදල් ප්‍රතිපාදන ලබා දෙන අදාල ආයතන වෙත ඉදිරිපත් කළ යුතුය.
  • එසේ අනුමත වු ඇස්තමේන්තුව අනුඥාත වු පසු වැඩ ආරම්භ කිරිම හා ක්‍රියාත්මක කිරිමට අදාල පියවර ගත යුතුය.
  •  

    1. කොන්ත්‍රාත් පිරිනැමීම සඳහා ප්‍රසම්පාදන ක්‍රියාවලිය සිදු කළ යුතුය.
    ප්‍රසම්පාදන ලියවිලි

    ටෙන්ඩර් කැඳවිමකදි ටෙන්ඩර් මණ්ඩලයක් විසින් සලකා බැලිය යුතු ලියකියවිලි ටෙන්ඩර් මණ්ඩලයට ඉදිරිපත් කර අනුමැතිය ලබා ගැනිම ආයතන ප්‍රධානියාගේ වගකිමකි.

    • ප්‍රසම්පාදන දැන්විම
    • ප්‍රසම්පාදන කොන්දේසි
    • ප්‍රසම්පාදන ආකෘති පත්‍ර
    • දෙපාර්තමේන්තු පිරිවැය ඇස්තමේන්තුවක්.
    • මුල්‍ය ප්‍රතිපාදන නිශ්චිතව ඇති බවට සහතිකය .( අනුඥාත නිවේදනය)
    • ලංසුකරුවන්ට උපදෙස්
    • කොන්ත්‍රාත් ගිවිසුමේ ආකෘතිය

    2. කොන්ත්‍රාත් ප්‍රධානය කිරිමෙන් පසු ගිවිසුම් අත්සන් කර වැඩ ආරම්භකළ යුතුය.ගිවිසුම් අත්සන් කරනු ලබන්නේ ප්‍රාදේශිය සභාවේ ලේකම්, ප්‍රාදේශිය සභාවේ සභාපති, තෝරාගත් කොන්ත්‍රාත් සමාගම.පොදු මුද්‍රාව අනිවාර්යයෙන්ම තැබිය යුතුය.

    3. එසේ ගිවිසුම්ගත විමෙන් අනතුරුව ගිවිසුමේ පිටපතක් එම ව්‍යාපෘතිය අනුඥාත කළ ආයතනය සහ කොන්ත්‍රාත් සමාගම වෙත ඉදිරිපත් කළ යුතුය.

    4. ව්‍යාපෘතියට අදාල සියළුම තොරතුරු සහකාර පළාත් පාලන කොමසාරිස් මඟින් පළාත් පාලන කොමසාරිස් වෙත දන්වා යැවිය යුතුය.

    5. ගිවිසුම අත්සන් කිරිමෙන් අනතුරුව පළාත් පාලන ඉංජිනේරු සහ සභාවේ කාර්මික නිලධාරි මහතාගේ උපදෙස් හා අධීක්ෂණය යටතේ ක්‍රියා කළ යුතුය.

    6. වැඩ අවසන් ව්‍යාපෘතියක් සඳහා ගෙවිම් කිරිම.

    I. මෙහි කොටස් වශයෙන්ද ගෙවිම් කළ හැකිය.

    II. වැඩ අවසන් විමෙන් අනතුරුව ඒ බැව් කොන්ත්‍රාත්කරු විසින් සභාව වෙත ලිඛිතව ඉදිරිපත් කළ යුතු අතර , ගෙවිම් වාර්තා හා මිනුම් වාර්තා අත්සන හා නිල මුද්‍රාව සහිතව ප්‍රාදේශිය සභාව වෙත ඉදිරිපත් කළ යුතුය.

    III. එම බිල්පත් කාර්මික නිලධාරි වෙත ඉදිරිපත් කර ක්ෂේත්‍ර පරික්ෂාවක් මඟින් ඇස්තමේන්තු ප්‍රාකාරව සිදු කර ඇති බවටත් මිනුම් වාර්තා නිවැරදි බවටත් සහතික කරවා ගත යුතුය.

    IV. සහකාර පළාත් පාලන කොමසාරිස් මඟින් පළාත් පාලන කොමසාරිස් වෙත ගෙවිම සඳහා අනුමැතින් සඳහ ඉදිරිපත් කළ යුතුය.

    V. අවසන් බිල්පත ඉදිරිපත් කරන්නේනම් වැඩ අවසන් වාර්තාවද ඉදිරිපත් කළ යුතුය.

    VI. අනුමැතිය ලද බිල්පත් සඳහා ගෙවිම් වවුචර් පිළියෙළ කර සභාවේ ලේකම්, සභාපති අත්සන සහිතව ගෙවිම් ආයතනය වෙත

  • පොඳු 35 වව්චර්පත
  • ගෙවිම් වාර්තාව
  • මිනුම් වාර්තාව
  • කාර්මික නිලධාරි වැඩ අවසන් වාර්තාව
  • VII. එසේ අනුමත කරන ලද බිල්පත් සඳහා 10% ක රැඳවුම් මුදලක් තබාගෙන ගෙවිම් කළ යුතුය.

    VIII. අදාල ව්‍යාපෘතිය වෙනුවෙන් අවසන් ගෙවිම චෙක්පතක් මඟින් කොන්ත්‍රාත්කරු වෙත ලබා දෙනු ලැබේ.

    7. 10% රැදවුම් මුදල් නිදහස් කිරිම.

    I. රැදවුම් මුදල් නිදහස් කිරිම සඳහා ව්‍යාපෘතියේ වැඩ අවසන් කර ගිවිසුමේ සඳහන් පරිදි නඩත්තු කාල සීමාව ඉක්මවා තිබිය යුතුය.

    II. එම නඩත්තු කාලය ඉක්මවු පසු මු.රෙ 237 උපලේඛන අංක 1ඒ (111) යටතේ සහතිකයක් කාර්මික නිලධාරි වෙතින් ලබා ගත යුතුය.

    III. එම වාර්තාව අනුමැතිය ලබා ගැනිමෙන් අනතුරුව රික්විෂන් පත්‍රයක් සම්පුර්ණ කර අදාල ආයතනය වෙත ඉදිරිපත් කළ යුතුය.

    IV. චෙක්පත ලැබිමෙන් පසු ගෙවිම් කළ හැකිය.

    මංමාවත් සහ මාර්ග සම්බන්ධතා පිළිබද පොදු අධිකාරිය ප්‍රාදේශීය සභාව සතු විමට අදාල කටයුතු

    එය සිදු කරන්නා වු ක්‍රියා පටිපාටිය,

  • යෝජනා ඉල්ලීම් සළකා බැලීම(බලයලත් මිනින්දෝරුවරයකු විසින් අදින ලද පිඹුරු පතේ මුල් පිටපත,පාර දෙපස ඉඩම් හිමියන් විසින් නෙතාරිස්වරයකු ඉදිරිපිට අත්සන් කරන ලද සාධන පත්‍ර)
  • කාර්මික නිළධාරි වාර්තා ලබා ගැනීම
  • සභාපති/ ලේකම් අනුමැතිය
  • මහා සභා/කමිටු අනුමැතිය ලබා ගැනීම
  • විධිමත්ව ගැසට් පත්‍රයට යොමු කිරීම(විරෝධතා විමසීම)
  • විරෝධතා විමසීමෙන් අනතුරුව (3)(1) වන අප වගන්තිය යටතේ වූ දැන්වීම් ගැසට් පත්‍රයේ පළ කරනු ලැබූ දින සිට මාස තුනක කාලසීමාවක් අවසන් වීමෙන් පසු සහ මාස හයක කාල සීමාවක් අවසන් වීමට පෙර සභාව සතු මාර්ගයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම(මාර්ගයේ නම,වසම,දිග,පළල,දෙපස අයගේ නම් සහිත විස්තරය,සත්‍ය පිටපත් කරන ලද පිඹුරු පතේ පැහැදිලි ඡායා පිටපත)
  • ගැසැට් පිටපතක් භාගත කර ගැනීම
  •  

    කාණු පද්ධතිය

    ප්‍රාදේශිය සභාවට අයත් කාණු යනු

    මධ්‍යම රජය තුළින් පාලනය නොවන ප්‍රාදේශිය සභා බල ප්‍රදේශය තුළ පිහිටි කාණු පද්ධතියන්ය.ඉහත සඳහන් කාණු නඩත්තුව හා අලුත්වැඩියාව කැගල්ල සභාව විසින් කලින් කලට සිදු කරයි.

    කාණු කැඩි බිදී ගිය විට අලුත්වැඩියා කිරීම හා නව කාණු පද්ධතියක් ඉදි කිරිම අවැසි විට ඒ සදහා මහජනතාව විසින් අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ග,

  • මහජනතාව විසින්ම ලිඛිතව හෝ අප ආයතනයට පැමිණ දැනුම් දීම.
  • තම මහජන නියෝජිත මාර්ගයෙන් දැනුම් දීම.
  • එය සිදු කරන්නා වු ක්‍රියා පටිපාටිය,

  • මහජන ඉල්ලීම මත කාණු තෝරා ගැනීම
  • කාර්මික නිලධාරිගේ හෝ වැඩ අධිකාරි නිරීක්ෂණය මත කාණු තෝරා ගැනීම.
  • සභාපති තුමාගේ ලේකම්තුමියගේ අනුමැතිය මත ඇස්තමේන්තු සකස් කිරීම.
  • පළාත් සභාව තුළින් අනුමැතිය ලබා ගැනිම.
  • ටෙන්ඩර් කැඳවිය යුතු කර්මාන්ත තෝරා ගැනීම.
  • ටෙන්ඩර් කැඳවා කොන්ත්‍රාත්කරුවන් තෝරා ගැනීම.
  • ටෙන්ඩර් කර, කොන්ත්‍රාත් කරුවන් ලවා සිදුකර නොගන්නා කර්මාන්ත ප්‍රාදේශිය සභා කම්කරුවන් ලවා සිදු කර වීම.
  • ළිං හා පීලි

    ප්‍රාදේශිය සභා සතු දේපල වල තිබෙන්නා වු හා වැඩි දෙනාගේ සුභ සිද්ධිය උදෙසා පෞද්ගලික ඉඩම් වල තිබෙන ප්‍රාදේශිය සභාවට පවරා දුන් ළිං හා පීලි ප්‍රාදේශිය සභා ළිං හා පීලි ලෙස හැඳින් වේ. නඩත්තුව හා අලුත්වැඩියාව ප්‍රාදේශිය සභාව තුළින් සිදු කරනු ලැබේ.

    ප්‍රජා ශාලා

    යම් කිසි ප්‍රදේශයක් තුළ ප්‍රාදේශිය සභා සතු නිත්‍යානුකුල දේපලක ජනතාවගේ රැස්වීම්,සමිති සමාගම් වැනි පොදු කටයුතු උදෙසා ඉදි කරන ලද්දකි. පෞද්ගලික ඉඩමක් ඉඩම් හිමියා විසින් නිත්‍යානුකූල ව ප්‍රාදේශිය සභාවට පවරා එහි ප්‍රාදේශිය සභා ප්‍රජා ශාලාවක් ඉදිකර තිබිය හැකිය. නිසි කලට නඩත්තුව හා අලුත්වැඩියාව ප්‍රාදේශිය සභාව ලෙස සිදු කරනු ලැ‍බේ.



    බල ප්‍රදේශයේ විකුණන ඉඩම් සම්බන්ධව 1% බදු මුදල සහ 10% බිම් කොටස් සඳහා අදාළ කටයුතු, කට්ටි සැලසුම් අනුමත කිරිමේ කටයුතු.

    එය සිදු කරන්නා වු ක්‍රියා පටිපාටිය,

  • මූලික පිඹුරු සැලැස්ම අනුමත කිරීම. (පර්චස් ප්‍රමාණය අනුව ගාස්තු අය කළ යුතුය)
  • ඉන්පසු කට්ටි සැලැස්ම අනුමැතිය සඳහා පහත ලියවිලි සම්පූර්ණ කළ යුතු වේ.
  • ඉල්ලීම් ලිපිය.
  • කට්ටි සැලැස්මෙහි මුල් පිටපත සහ ඡායා පිටපත.
  • අනුමත කළ මුල් පිඹුරේ ඡායා පිටපත.
  • ඉඩමට අදාළ ඔප්පුවේ පිටපත.
  • ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනයේ වාර්තාව.
  • ඉඩමට ජලය ලබාගැනීම සම්බන්ධ ලිපිය.
  • ඉඩමට විදුලිය ලබාගැනීම සම්බන්ධ ලිපිය.
  • ඉඩම ආසන්නයේ ඇල/ඔය ඇත්නම් ඒ පිළිබඳ වු රක්ෂිතයන්ට අදාල ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ වාර්තාව.
  • ඉඩම හරහා අධි ආරක්ෂිත රැහැන් සහිත ප්‍රදේශයක් පවතීනම් ඒ පිළිබඳ ලංකා විදුලි බල මණ්ඩලයෙන් ලබාගත් වාර්තාව.
  • ඉහත ලියවිලි සම්පූර්ණ වූ පසු කාර්මික නිලධාරි වාර්තා සහ ආදායම් වාර්තා ලබා ගැනීම.
  • ආදායම් පරීක්ෂකගේ වාර්තාව අනුව 1% බදු මුදල වෙන්දේසිකරුගෙන් අය කර ගැනීට කටයුතු කිරීම.
  • 1% බදු මුදල ලබා ගැනීමෙන් පසු වෙන්දේසිකරු සමඟ ගිවිසුම්ගත වීම.
  • ඉන්පසු අදාළ කට්ටි සැලැස්ම අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීම.


  • පිඹුරු පත් අනුමත කිරිම.

    නිවාසයක් හා ගොඩනැගිල්ලක් හෝ යම් භෞතික ඉදිකිරීමට පෙර එම භුමිය ඉදිකිරීමට සුදුසු දැයි පරීක්ෂා කිරීම වේ. නාගරික සංවර්ධන අධිකාරිය හා ගොඩනැගිලි පර්යේෂණ ආයතනය,ප්‍රාදේශිය සභාව හා අනෙකුත් රාජ්‍ය ආයතනය මඟින් නිකුත් කරන්නා වු නිර්ණායකයන් මත බිම් කට්ටියක් සඳහා අවසර දෙනු ලැබේ.

  • ඉඩමේ පර්චස් ප්‍රමාණය අනුව මුදල් ගෙවා පිඹුරු සැලසුම් අයදුම්පතක් ලබා ගැනීම.
  • නිවැරදිව සම්පුර්ණ කරන ලද අයදුම්පත පහත සඳහන් පිටපත් සමඟ කාර්යාලයට භාර දීම.
  • අදාල ඉඩමේ මුල් පිඹුරු සැලැස්ම
  • මුල් පිඹුරු සැලැස්මේ ඡායා පිටපතක්
  • මුල් පිඹුරු සැලැස්මට පාදක වූ පෙර පිඹුරු සැලැස්මේ ඡායා පිටපතක්
  • ඉඩමට අදාල ඔප්පුවේ ඡායා පිටපතක්
  • ගොවිජන සේවා දෙපාර්තමේන්තුවෙන් නිකුත් කල වාර්තාවේ පිටපතක්
  • ( කුඹුරක් ගොඩකල ඉඩමක් නම් හෝ කමත, කනටිය, පිල්ලෑව ලෙස ඔප්පුවේ හෝ පිඹුරේ සඳහන් වී ඇත්නම් )
  • අයදුම්පත කාර්මික නිලධාරි වෙත යොමුකර වාර්තාව ලබා ගැනීම.
  • කාර්මික නිලධාරී වාර්තාවෙන් පසු කමිටු ලේඛනයට ඇතුලත් කර සැලසුම් කමිටුවට යොමු කිරීම.
  • නිවාස හා නගර සංවර්ධන ආඥා පනත යටතේ බල පැවැත්වෙන ග්‍රාම නිලධාරී වසම් වල පිහිටි ඉඩම් සඳහා වන අයදුම්පත්‍ර සතියේ සිකුරාදා දිනට යෙදී ඇති භෞතික සැලසුම් කමිටුවටත්
  • නාගරික සංවර්ධන අධිකාරිය යටතේ බල පැවැත්වෙන ග්‍රාම නිලධාරී වසම් වල පිහිටි ඉඩම් සඳහා වන අයදුම්පත්‍ර මසකට යොදාගත් එක් දිනක් පමණක් යෙදී ඇති සැලසුම් කමිටුවටත්
  • කමිටුව විසින් ගත් තීරණ හා සියළු තොරතුරු සමඟ සියළු අයදුම්පත්‍ ලේකම් හා සභාපති ගේ අත්සනට ( අනුමැතියට ) යොමු කිරීම.
  • සහතික කල පිඹුරුපත් ලබාගත් වගට සහතික කරවාගෙන නිකුත් කිරීම.


  • නාගරික සංවර්ධන පනත, නිවාස හා නගර සංවර්ධන අඥා පනතට අදාලව ප්‍රාදේශිය සීමාව තුල ඉදි වන්නා වු ගොඩනැගිලි , නිවාස හා වෙනත් සංවර්ධන කාර්යන් සඳහා අනුමැතිය ලබා දීම.

    ප්‍රාදේශිය සභා සීමාව තුළ කරනු ලබන සියඵම ඉදිකිරීම් ‍සඳහා ප්‍රාදේශිය සභා අනුමැතිය ලබා ගැනීම අනිවාර්ය වේ. නාගරික සංවර්ධන අධිකාරිය හා ගොඩනැගිලි පර්යේෂණ ආයතනය,නගර සභාව හා අනෙකුත් රාජ්‍ය ආයතන මගින් නිකුත් කරන නිර්ණායකයන් මත සැලසුම් සකස් කර ගොඬනැගිල්ල ඉදි කිරීම සදහා නිල වශයෙන් අවසර ලබා දීම ගොඬනැගිලි සැලසුම් අනුමැතියක් ලෙස හඳුන්වයි.

  • 1000/- ක මුදලක් ගෙවා අයදුම්පතක් ලබා ගැනීම
  • සුදුසුකම් ලත් තැනැත්තකු විසින් සකසන ලද ගොඩනැගිලි සැලැස්මේ මුල් පිටපත් 03 ක්
  • ප්‍රාදේශීය සභාවෙන් අනුමත කරන ලද පිඹුරු සැලැස්මේ පිටපතක්
  • ඉඩමට අදාල ඔප්පුවේ පිටපතක්
  • ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයෙන් නිකුත් කරන ලද වාර්තාව
  • ගොවිජන සේවා දෙපාර්තමේන්තුවෙන් නිකුත් කල වාර්තාවේ පිටපතක්
  • ( කුඹුරක් ගොඩකල ඉඩමක්නම් )
  • අනෙකුත් ආයතන වලින් ඉදිකිරීම් සඳහා ලබා ගන්නා ලද නිර්දේශ ලිපි
  • ( මධ්‍යම පරිසර අධිකාරිය / ලංකා විදුලි බල මණ්ඩලය / වාරි මාර්ග දෙපාර්තමේන්තුව / භූ විද්‍යා හා පතල් කැනීම් කාර්යාංශය / ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වැනි ආයතන වලින් / මාර්ග සංවර්ධන අධිකාරිය )
  • සියලු ලියකියවිලි සම්පූර්ණ වී ඇත්නම් අදාල පෙරසැරි ගාස්තු අයකර අයදුම්පතට අංකයක් ලබා දී ගොඩනැගිලි අයදුම්පත් ලේඛනයට ඇතුළත් කිරීම
  • ගොඩනැගිලි අයදුම්පත ක්ෂේත්‍ර පරීක්ෂාව සඳහා කාර්මික නිලධාරි වෙත යොමුකිරීම
  • කාර්මික නිලධාරී වාර්තාවෙන් පසු සැලසුම් කමිටුවට යොමු කිරීම
  • නිවාස හා නගර සංවර්ධන ආඥා පනත යටතේ බල පැවැත්වෙන ග්‍රාම නිලධාරී වසම් වල පිහිටි ඉඩම් සඳහා වන අයදුම්පත්‍ර සතියේ සිකුරාදා දිනට යෙදී ඇති භෞතික සැලසුම් කමිටුවටත් නාගරික සංවර්ධන අධිකාරිය යටතේ බල පැවැත්වෙන ග්‍රාම නිලධාරී වසම් වල පිහිටි ඉඩම් සඳහා වන අයදුම්පත්‍ර මසකට යොදාගත් එක් දිනක් පමණක් යෙදී ඇති සැලසුම් කමිටුවටත්
  • කමිටුව විසින් ගත් තීරණ හා සියළු තොරතුරු සමඟ සියළු අයදුම්පත්‍ ලේකම් හා සභාපති ගේ අත්සනට ( අනුමැතියට ) යොමු කිරීම
  • අනුමත කල ගොඩනැගිලි සැලසුම් ලබාගත් බවට සහතික කරවාගෙන නිකුත් කිරීම


  • අනුකූලතා සහතික නිකුත් කිරිම.

    ඕනෑම ඉදිකිරීමක් (ගොඩනැගිල්ලක් හෝ තාප්පයක්) සඳහා අනුමැතිය ලබා ගත් පසු , එම ඉදිකිරීම අදාළ කාලය තුළ සම්පූර්ණ කිරීමෙන් අනතුරු ව සැලසුමේ ආකාරයට පදිංචියට හෝ භාවිතයට සුදුසු පරිදි ඉදි කර ඇති බවට දෙනු ලබන සහතිකයයි.

  • නිවැරදිව සම්පුර්ණ කරන ලද අයදුම්පත පහත සඳහන් පිටපත් සමඟ කාර්යාලයට භාර දීම.
  • පෙරසැරි ගාස්තු ගෙවිම
  • ක්ෂේත්‍ර පරීක්ෂාව සඳහා කාර්මික නිලධාරි වෙත යොමුකිරීම.
  • කාර්මික නිලධාරී වාර්තාවෙන් පසු සැලසුම් කමිටුවට යොමු කිරීම.
  • නිවාස හා නගර සංවර්ධන ආඥා පනත යටතේ බල පැවැත්වෙන ග්‍රාම නිලධාරී වසම් වල පිහිටි ඉඩම් සඳහා වන අයදුම්පත්‍ර සතියේ සිකුරාදා දිනට යෙදී ඇති භෞතික සැලසුම් කමිටුවටත් නාගරික සංවර්ධන අධිකාරිය යටතේ බල පැවැත්වෙන ග්‍රාම නිලධාරී වසම් වල පිහිටි ඉඩම් සඳහා වන අයදුම්පත්‍ර මසකට යොදාගත් එක් දිනක් පමණක් යෙදී ඇති සැලසුම් කමිටුවටත් කමිටුව විසින් ගත් තීරණ හා සියළු තොරතුරු සමඟ සියළු අයදුම්පත්‍ ලේකම් හා සභාපති ගේ අත්සනට ( අනුමැතියට ) යොමු කිරීම.
  • අනුමත කල අනුකූලතා ලබාගත් බවට සහතික කරවාගෙන නිකුත් කිරීම


  • වීථි රේඛා සහතික නිකුත් කිරිම

    ප්‍රධාන මාර්ගයේ සිට ගොඩනැගිල්ලක් හෝ ඉදිකිමේ දී මාර්ගයට අත් හැරිය යුතු ඉඩ ප්‍රමාණය නිවැරදි ව සකස් කිරිම හා වීථී රේඛා වලින් නිදහස් බවට සහතික කිරීමයි.

  • නිසි පරිදි මුදල් ලබාගෙන අයදුම්පත ලබා ගැනීමට යොමු කිරීම.
  • අයදුම්පත්‍රය සමඟ පහත ඇමුණුම් අවශ්‍ය වේ.
  • ඉඩමට අදාළ ඔප්පුවෙහි ඡායා පිටපත.
  • පිඹුරු සැලැස්මෙහි ඡායා පිටපත.
  • මුල් පිඹුරේ ඡායා පිටපත.
  • කුඹුරු ඉඩමක් නම් ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ අවසර දුන් ලිපියේ පිටපත.
  • ඉහත ලියවිලි සමඟ අයදුම්පත්‍රය ලැබුණු පසු කාර්මික නිලධාරි වාර්තා සහ ආදායම් වාර්තා ලබාගෙන අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීම.


  • ජිවිත හා දේපළ වලට හානිදායක ගස් කපා ඉවත් කිරීම

  • නිසි පරිදි මුදල් ලබාගෙන අයදුම්පත ලබා ගැනීමට යොමු කිරීම.
  • අයදුම්පත්‍රය සම්පුර්ණ කර භාර දිම.
  • සභාපති/ ලේකම් වෙත අයදුම්පත්‍රය යොමු කිරිම.
  • ක්ෂේත්‍ර පරීක්ෂාව සඳහා කාර්මික නිලධාරි වෙත යොමුකිරීම.
  • පරික්ෂාවෙන් පසු නිර්දේශය සහිතව නැවත සභාපතිතුමා වෙත ලබා දිම.
  • සභාපතිතුමාගේ අත්සනින් පසු නියෝගය විධිමත් ලෙස සකස් කිරිම.
  • නියෝගය තෑපෑල වෙත භාර දිම.