Disable Preloader

ප්‍රජා අංශය

කෑගල්ල ප්‍රාදේශීය සභාවේ ප්‍රජා අංශය


අපගේ අරමුණු

  • මැසි මදුරුවන් බෝවන ස්ථාන අවම කිරීම.
  • පිරිසිදු පානීය ජලය ලබාදීම.
  • සෞඛ්‍ය ආරක්ෂිත වැසිකිලි පහසුකම් ඇති කිරීම.
  • පරිසරය අලංකාරය සඳහා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම හා ඒ සඳහා ජනතාවගේ සහය ලබා ගැනීම.
  • සෞඛ්‍ය සම්පන්න ආරක්ෂිත ආහාර ජනතාවට ලබාදීම සදහා මැදිහත්ව කටයුතු කිරීම.
  • ජල භිතීකා රෝගය මර්ධනය කිරීම සඳහා වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
  • බල ප්‍රදේශයේ දෛනිකව එකතුවන කසල විධිමත්ව බැහැර කිරීම.
  • කාබනික පොහොර නිෂ්පාදනය කිරීම තුලින් දේශිය ආහාර නිෂ්පාදනය දිරි ගැන්වීම.
  • ළමා මානසික අධ්‍යාපනය වැඩි දියුණු කිරිම.
  • දරුවන්ගේ සෞඛ්‍ය සහ යහපත් පුරුදු වැඩි දියුණු කිරිම.
  • දැනුම කුසලතා හා යහපත් ආකල්ප වර්ධනය කර ගැනිම.
  • දරුවන්ගේ නිර්මාණ හා ක්‍රියාකාරකම් ඇගයිම තුළින් ඔවුන්ගේම අනන්‍යතාවයක් ගොඩනැංවිම.
  • පුස්තකාල කාර්යන් සඳහා බලප්‍රදේශයේ ජනතාවගේ ලබා ගැනිම තුලින් ඔවුන්ට අවශ්‍ය දැනුම සැපයිම.
  • පුස්තකාලයේ භෞතික සම්පත් වැඩිදියුණු කිරිම.
  • වසර දහස් ගණන් පැරණි දේශිය සහ ආයුර්වේද වෛද්‍ය ක්‍රමය සංරක්ෂණය කර යාවත් කාලින කිරිම.
  • පොදු ජනතාවගේ ඖෂධීය ශාක පිළිබඳ දැනුම හා ඖෂධ වගා කිරිම ප්‍රවර්ධනය කිරිම.
  • කාන්තා හා ළමා සංවර්ධන කටයුතු සඳහා සහය වීම.
  • සුසාන භූමි නඩත්තු කටයුතු ඉටු කිරීම.
  • ආගමික, සංස්කෘතික හා සමාජීය වශයෙන් වැදගත් වන වැඩසටහන් ක්‍රියාවට නැංවීම හා දේශීය අනන්‍යතාවය සුරැකීමට අදාළ කටයුතු කිරීම.
  • විශේෂ අවශ්‍යතා හා විශේෂ හැකියා ඇති අය නගා සිටුවීමට දායක වීම.
  • මත්ද්‍රව්‍ය නිවාරණය, දේශීය ආහාර බෝග වගාව, ස්වයං රැකියා ප්‍රවර්ධනය ශක්තිමත් කිරීම හා ලියාපදිංචියට අදාල කටයුතු හා පොදු සුභසාධක කටයුතු පවත්වාගෙන යාම.
  • සහභාගීත්වය සංවර්ධනයට අදාළ කටයුතු කිරීම.

පරිසර බලපත්‍ර නිකුත් කිරිම.

  • නගර සභා බල ප්‍රදේශය තුළ පවතින්නාවු පහත සඳහන් කාණ්ඩයන්ට අයත් කර් මාන්ත ශාලා වෙනුවෙන් මධ්‍යම පරිසර අධිකාරිය මගින් නිකුත් කරන්නාවු කොන්දේසි මත ප්‍රාදේශීය සභාවෙන් පාරිසරික බලපත්‍රයක් ලබා ගත යුතු ය.

පරිසර බලපත්‍ර නිකුත් කරනු බලන කර්මාන්ත

  • 1. සේවක සංඛ්‍යාව 10ක් හෝ ඊට වැඩි පිරිසක් සේවයේ නිකුත්ව සිටින ඉටිපන්දම් නිශ්පාදන කර්මාන්ත.
  • 2. සේවක සංඛ්‍යාව 5 ට අඩු පිරිසක් සේවයේ නිකුත්ව සිටින බතික් කර්මාන්ත.
  • 3. සේවක සංඛ්‍යාව 5 ට අඩු පිරිසක් සේවයේ නිකුත්ව සිටින වාණිජ මට්ටමේ රෙදි සෝදන ස්ථාන(ලොන්ඩ්‍රි)
  • 4. රෙදි වියන යන්ත්‍ර / මැෂින් 10ක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් සහිත අත් යන්ත්‍ර පෙහෙකම්හල් හෝ ගෙතීමේ හෝ එම්බ්‍රෝයිඩර් කිරීමේ කර්මාන්ත.
  • 5. දිනකට ලීටර් 200 කට අඩු නිෂ්පාදන ධාරිතාවක් සහිත වාණිජ මට්ටමේ පොල් තෙල් නිස්සාරණය කිරීමේ කර්මාන්ත.
  • 6. පොල් තෙල් සහ ආයුර්වේද තෙල් නිස්සාරණය කිරීමේ කර්මාන්ත හැර දිනකට ලීටර් 10කට අඩු නිෂ්පාදන ධාර්තාවක් සහිත වාණිජ මට්ටමේ ශාක තෙල් නිස්සාරණය කිරීමේ කර්මාන්ත.
  • 7. දිනකට ලීටර් 100කට අඩු නිෂ්පාදන ධාරිතාවක් සහිත මද්‍යසාරමය නොවන බීම වර්ග නිෂ්පාදනය කිරීමේ හෝ බෝතල්ගත කිරීමේ කර්මාන්ත.
  • 8. දිනකට කිලෝග්‍රෑම් 500 ඊට වැඩි නිෂ්පාදන ධාරිතාවක් සහිත වියළි සැකසුම් ක්‍රියාවලි සහිත වී මෝල්.
  • 9. මසකට කිලෝග්‍රෑම් 1000 කට අඩු නිෂ්පාදන ධාරිතාවක් සහිත ඇඹරුම්හල්.්හල්.
  • 10. සේවක සංඛ්‍යාව 10 හෝ ඊට වැඩි සහ 25 ට අඩු පිරිසක් සේවයේ නියුක්තව සිටින දුම්කොළ වියළීමේ කර්මාන්ත හෝ දුම්වැටි හෝ දුම්කොළ ආශ්‍රිත වෙනත් නිෂ්පාදන කර්මාන්ත.
  • 11. එක් තොගයකට කිලෝග්‍රෑම් 250 හෝ ඊට වැඩි යෙදවුම් ධාරිතාවක් සහිත සල්ෆර් දුම් ගැසීම සහිත කුරුඳු දුම් ගැසීමේ කර්මාන්ත.
  • 12. සේවක සංඛ්‍යාව 5 ට වැඩි පිරිසක් සේවයේ නියුක්තව සිටින ආහාරයට ගන්නා ලුණු ඇසුරුම් කිරීමේ සහ සැකසුම් කිරීමේ කර්මාන්ත.
  • 13. සේවක සංඛ්‍යාව 5 ට වැඩි පිරිසක් සේවයේ නියුක්තව සිටින වාණජමය තේ මිශ්‍ර කිරීමේ/ මුහුවම් කිරීමේ කර්මාන්ත.
  • 14. සේවක සංඛ්‍යාව 5 හෝ ඊට වැඩි සහ 10 ට අඩු පිරිසක් සේවයේ නියුක්තව සිටින ආහාර නිෂ්පාදන කිරීමේ හෝ සකස් කිරීමේ කර්මාන්ත.
  • 15. දිනකට පිටි කිලෝග්‍රෑම් 250 ට අඩු ප්‍රමාණයක යෙදවුම් ධාරිතාවක් සහිත වාණිජ මට්ටමේ බේකරී හා රසකැවිලි නිශ්පාදන කර්මාන්ත.
  • 16. ඕනෑම අවස්ථාවක වැඩුණු පක්ෂින් 100 හෝ ඊට වැඩි සහ 500 ට අඩු සංඛ්‍යාවක් සිටින කුකුළු ගණයේ පක්ෂි ගොවිපලවල්.
  • 17. ඕනෑම අවස්ථාවක වැඩුණු සතුන් 05 ක් හෝ ඊට වැඩි සහ 10 ට අඩු සංඛ්‍යාවක් සිටින ඌරු හෝ ගව ගොවිපලවල්.
  • 18. ඕනෑම අවස්ථාවක වැඩුණු සතුන් 25 ක් ඊට වැඩි සහ 50 ට අඩු සංඛ්‍යාවක් සිටින එළු ගොවිපලවල්.
  • 19. වැඩුණු සතුන් මුළු එකතුව 100ක් හෝ ඊට වැඩි සහ 500 ට අඩු සංඛ්‍යාවක් සිටින මිශ්‍ර ගොවිපලවල්.
  • * මිශ්‍ර ගොවිපලවල් සදහා අනුපාතය = පක්ෂින් සංඛ්‍යාව +[50x(ඌරන් සංඛ්‍යාව +ගවයන් සංඛ්‍යාව ) +10x(එළුවන් සංඛ්‍යාව )]
  • 20. ගබඩා ධාරිතාව ඝන මීටර් 100 ක් හෝ ඊට වැඩි පළතුරු හෝ වැඩි එළවළු හෝ මාංශ හෝ වෙනත් ආහාර ද්‍රව්‍ය ගබඩා කරන ස්ථාන.
  • 21. කොන්ක්‍රීට් පෙරසවි කර්මාන්ත.
  • 22. යන්ත්‍රානුසාරයෙන් සිමෙන්ති බ්ලෙ‍ාක් ගල් නිෂ්පාදනය කිරීමේ කර්මාන්ත.
  • 23. දිනකට නිශ්පාදන ධාරිතාවය මෙට්‍රික් ටොන් 20 ට අඩු ප්‍රමාණයක් සහිත හුණුගල් පොරණු.
  • 24. සේවක සංඛ්‍යාව 5 කට වැඩි ප්‍රමාණයක් සේවයේ නියුක්තව සිටින "ප්ලාස්ටර් ඔ‍ෆ් පැරිස්" අමුද්‍රව්‍ය වශයෙන් යොදාගන්නා ඕනෑම කර්මාන්තයක්.
  • 25. බෙලිකටු කැබලි කිරීමේ / පතුරු කිරීමේ කර්මාන්ත.
  • 26. උළු හා ග‍ඩොල් පෝරණු.
  • 27. වීදුරු ද්‍රව කිරීමේ ක්‍රියාවලිය රහිතව වීදුරු කිරීමේ කර්මාන්ත.
  • 28. කළු ගල් කැපීමේ සහ ඔප දැමීමේ කර්මාන්ත.
  • 29. පුපුරණ ද්‍රව්‍ය එක් බෝර වලක් බැගින් පුපුරවමින් සිදු කරනු ලබන ශිල්පීය කැණීම් කටයුතු.
  • 30. දිනකට ඝන මීටර් 25 ට අඩු ඉරුම් ධාරිතාවක් සහිත ලී මෝල් හෝ සේවක සංඛ්‍යාව 05 හෝ ඊට වැඩි සහ 10 කට අඩු පිරිසක් සේවයේ නියුක්තව සිටින දැව ආශ්‍රිත කර්මාන්ත.
  • 31. දැව පදම් කිරීම සඳහා බෝරෝන් පිරියම් ක්‍රමය භාවිතා කරන කර්මාන්ත.
  • 32. බහු කාර්ය වඩු කාර්මික යන්ත්‍ර භාවිතා කරන වඩු කර්මාන්ත.
  • 33. සේවක සංඛ්‍යාව 05ක් හෝ ඊට වැඩි සහ 10 ට අඩු පිරිසක් සේවයේ නියුක්තව සිටින නේවාසික පහසුකම් රහිත හොටල් හෝ අවන්හල් හෝ උත්සව ශාලා හෝ සේවක සංඛ්‍යාව 10 ක් හෝ ඊට වැඩි සහ 20 ට අඩු පිරිසක් සේවයේ නියුක්තව සිටින ආහාර පිළියෙල කිරීමේ ස්ථාන හෝ ආහාර සැපයීමේ සේවා.
  • 34. පදිංචි සංඛයාව දිනකට 25 ක් හෝ ඊට වැඩි සහ 100 ට අඩු පුද්ගලයන් ප්‍රමාණයක් සිටින නේවාසිකාගාර හෝ එවැනි ලැගුම්හල්.
  • 35. විසිරි පින්තාරු කිරීම් හෝ වාහන වායු සමීකරණ යන්ත්‍ර අලුත්වැඩියා කිරිම්, නඩත්තු කිරීම් හෝ සවි කිරීම් සිදු නොකරන වාහන අලුත්වැඩියා කිරීමේ හෝ නඩත්තු කිරීමේ කටයුතු සිදු කරන ගරාජ්.
  • 36. වාහන සේවා සිදු නොකරන බහාලුම් (කන්ටේනර්) පර්යන්ත.
  • 37. ඊයම් උණු කිරීම ඇතුළත් නොවන මුද්‍රණනාල සහ අකුරු මුද්‍රණය කිරීමේ යන්ත්‍ර.
  • 38. මාතෘ ශරීර කල් තබා ගැනීමට සකස් කිරීම සහිත මල් ශාලා.
  • 39. මෙම උපලේඛනයේ "ඈ" කොටසේ ඇතුළත් නොවන එක් වැඩ මුරයකට සේවක සංඛ්‍යාව 10 ක් හෝ ඊට වැඩි සහ 50 ට අඩු පිරිසක් සේවයේ නියුක්තව සිටින ඕනෑම ක්‍රියාකාරකමක් / කර්මාන්තයක්.

පරිසර ආරක්ෂක බලපත්‍රයක් ලබා ගැනීම සඳහා පහත ලේඛන ප්‍රාදේශීය සභාවට ඉදිරිපත් කළ යුතු ය

  • නිසිලෙස සම්පූර්ණ කරන ලද අයඳුම්පත
  • ව්‍යාපාර නාම ලියාපදිංචි සහතික පිටපත් 01
  • අප ආයතනය මගින් එම වර්ෂයට ලබා ගත් වෙළද බලපත්‍ර පිටපත් 01
  • අදාල ‍ගොඩනැගිල්ල පිළිබද අනුකුලතා සහතික පිටපත් 01 (ගොඩනැගිල්ලේ අනුමත සැලැස්ම)
  • භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ කැනීම් බලපත්‍ර පිටපත් 01
  • ස්ථානයට ලගා විය හැකි මාර්ග විස්තරය
  • ඉඩමෙහි මිනින්දෝරු සැලැස්ම(පිඹුර)

බලපත්‍රය ලබා දෙන්නාවු ක්‍රියා පටිපාටිය

  • අදාළ නිළධාරින් ලවා ස්ථානීය පරික්ෂාව සිදු කිරීම
  • තාක්ෂණික ඇගයීම් කමිටුවට ඉදිරිපත් කිරීම
  • කමිටුව මගින් අනුමැතිය ලබා ගැනීම
  • බලපත්‍රය නිකුත් කිරීම

බලපත්‍රය නිකුත් කිරීම සඳහා පහත පරිදි ගාස්තු අය කරනු ලබයි.

පරීක්ෂණ ගාස්තු රු 3000 සිට ආයෝජනයට ගලපමින් හා රජයේ අනුමත බදු බලපත්‍ර ගාස්තු රු 4000 හා රජයේ අනුමත බදු

කර්මාන්ත කාණ්ඩ වර්ගීකරණය සඳහා අදාල කේත

ක්‍රියා කාරකම් කාණ්ඩය

කේතය

අ ලැයිස්තුව

ආ ලැයිස්තුව

ඇ ලැයිස්තුව

ඈ ලැයිස්තුව

රසායන හා ඛනිජ රසායන

CH

1-14

1-14

1-7

1

රෙදි පිළි හා සම්

TL

15-16

15-18

8-12

2-4

ආහාර නිශ්පාදන

FD

17-18

19-36

13-29

5-20

ලෝහ නිශ්පාදන

BM

19-21

37

-

-

යන්ත්‍රෝපකරණ හා උපකරණ

ME

-

38-40

46-49

-

ඛනිජ හා ඛනිජ නිශ්පාදන

MP

22-25

41-45

-

21-29

අපදුව්‍ය බැහැර කිරීම

SZ

29

46-52

30 ,32, 39-41

-

දැවමය නිශ්පාදන

TW

-

53-55

54

30-32

සේවා සැපයුම් නවාතින් පහසුකම්

SL

-

56-59

42-44

33-34

ප්‍රවාහන සේවා

TR

26, 30-32

60-63

45 50

35-36

බලශක්ති

SP

27

64

-

-

කඩදාසි හා මුද්‍රණ

PP

28

65-66

-

37

වෙනත් සේවා

OT

33

67 69-71

51-52 ,55-56

38-39

දුරකථන සන්නිවේදන

TC

-

68

 

-

පරිසර බලපත්‍ර ලබා දීම

හැදින්වීම

1887.12.31 දිනෙන් අවසන් වූ කෑගල්ල දිස්ත්‍රික් සංවර්ධන සභාවේ පැවති මාවත පත්තු ගම් සභා බල ප්‍රදේශයෙත්,කඳුඅහපත්තු ගම් සභා බල ප්‍රදේශයෙත්, පින්නවල ගම් සභාවට අයත් ප්‍රදේශයෙන් කොටසක්ද ඒකාබද්ධ කරමින් වර් ග කිලෝමීටර් 117.43 ප්‍රදේශයකින් යුත් කෑගල්ල ප්‍රාදේශීය සභාව 1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනතින් 1988 වසරේදී ස්ථාපනය කරන ලදි.
ප්‍රාදේශීය සභාවේ සභික ධූර සංඛ්‍යාව 33කි.එමෙන්ම කෑගල්ල දිස්ත්‍රික්කයේ අනෙකුත් ප්‍රාදේශීය සභා වලට සාපේක්ෂව අඩු ආදායම්ලාභී ප්‍රාදේශීය සභාවකි.
කෑගල්ල ප්‍රාදේශීය සභාව, සබරගමු පළාතේ, කෑගල්ල දිස්ත්‍රික්කයේ, කෑගල්ල මැතිවරණ කොට්ඨාශයට අයත් පවතින පළාත් පාලන ආයතන දෙකකින් එකක් වන අතර බල ප්‍රදේශය ග්‍රාම නිළධාරී වසම් 57කින් යුක්ත වේ.බල ප්‍රදේශයේ ජනගහනය 85150 ක් වන අතර සිංහල, ද්‍රවිඩ, මුස්ලිම් ජන කොටස් ජීවත් වේ.ප්‍රධාන ආදායම් මාර් ග ලෙස රබර්, තේ, පොල්, වී වන අතර රබර් වගාව ප්‍රධාන කෘෂි බෝගය ලෙස වගා කරනු ලැබේ.
මධ්‍යම කඳුකරයේ බටහිර සානුවට ආසන්නව පිහිටා ඇති බැවින් ඉහළ වර් ෂා පතනයක් ඇති ප්‍රදේශයක් ලෙස හඳුන්වා දිය හැකිය.වර් ෂාපතනය මි.මි.1500-3000ත් අතර වේ.සාමාන්‍යයෙන් වාර් ෂික උෂ්ණත්වය සෙන්ටිග්‍රේට් අංශක 30-40 අතර පවතී.
කෑගල්ල රඹුක්කන මාර් ගයේ රංදෙණිය ප්‍රදේශයේ සීමාව දක්වාත්, කෑගල්ල සිට නුවර ප්‍රධාන මාර් ගයේ මොළගොඩ ප්‍රදේශයට යාබදව සල් ගහවත්ත ස්ථානය දක්වාත්, කෑගල්ල සිට කොළඹ ප්‍රධාන මාර් ගයේ අඹන්පිටිය පිහිටි විධායක ඉංජිනේරු කාර් යාලය පිහිටි ස්ථානය දක්වාත්, කෑගල්ල සිට බුලත්කොහුපිටිය ප්‍රධාන මාර් ගයේ උඳුගොඩ සැතපුම් 10 කණුව දක්වාත්, සෙසු ප්‍රදේශයන් ලෙස සියඹලාපිටිය මුස්ලිම් ගම්මානය, පුස්සැල්ල, තලගහයාය, ගංතුන හා පල්ලේගම ගම්මාන මායිම්වත්, කෑගල්ල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය විහිදී පවතී.
එමෙන්ම කරඬුපන, මොරොන්තොට, උඳුගොඩ හා හෙට්ටිමුල්ල ලෙස ක්‍රමයෙන් සංවර්ධනය වෙමින් පවතින කුඩා නගර කිහිපයක්ද ඒ තුල වන අතර ගුරුගොඩ ඔය හා මහ ඔයට එක්වන කුඩා ඇළ මඟින් හා වෙනත් කුඩා ජල පහර කිහිපයකින් ප්‍රදේශය පෝෂණය කරනු ලබයි.
ඵෙතිහාසික වශයෙන් වැදගත්කමක් උසුලනු ලබන මනස්කාන්ත පරිසරයක පිහිටි දෙගලතිරිය විහාරස්ථානය, වසර ගණනාවක ඵෙතිහාසික උරුමයකට උරුමකම් කියනු ලබන නිල්වක්ක අම්බලම හා වලගම්බා රජ දවස ඉදි කරන ලද හුංගම්පල හා ගල උඩතැන්න රජ මහ විහාරයනට අමතරව වෙනත් පූජනීය ස්ථාන රැසක් පිහිටා ඇති ඵෙතිහාසික පුරවරයක් ලෙස කෑගල්ල ප්‍රාදේශීය සභා ප්‍රදේශය හැදින්විය හැකිය.
කෑගල්ල නගරයට ආසන්න බල ප්‍රදේශයක් වීමක් කෑගල්ල ප්‍රාදේශීය ස‍භා බල ප්‍රදේශය හරහා කොළඹ නුවර ප්‍රධාන මාර් ගයේ පිහිටා තිබීමත් නිසා තම එදිනෙදා අවශ්‍යතාවන් සපුරා ගැනීමට කෑගල්ල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය හරහා සංක්‍රමනය වන ජනගහනයත් සංචාරකයන්ගේ ආකර්ශනීය ස්ථානයක් වන පින්නවල අලි අනාථාගාරයට යන ප්‍රධාන මාර් ගය කෑගල්ල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය හරහා වැටී තිබීමත් නිසා විශාල වශයෙන් දේශීය විදේශීය සංචාරකයින්ද 85150ක් පමණ බල ප්‍රදේශයේ ජනගහනයත් 775ක් පමණ වූ ව්‍යාපාරික ස්ථාන වලිනුත් දෛනික ක්‍රියාකාරකම් වලදී ඉවත දමන පරිදි ජනනය වන කසල කළමනාකරණය කිරීම හා සනීපාරක්ෂකව පරිසරයට මුදාහැරීම සදහා විධිමත් කළමනාකාරීත්වයකින් හා පරිපාලනයකින් යුක්තව කටයුතු කිරීම තුලින් සුවපහසු අලංකාර පරිසරයක් නිරිමාණය කිරීම අපගේ අභිප්‍රායයි.
කසල කළමනාකරණය යටතේ ගෘහස්ථ කසල කළමනාකරණය සදහා කොම්පෝස්ට් බදුන් නොමිලේ ලබා දීම, ජීව කොටු සකස් කර දීම, ජනතාව කසල කළමනාකරණ ක්‍රමවේදය පිළිබද දැනුවත් කිරීම වැනි ක්‍රියා වලින් ක්‍රියාත්මක කළද ජනතාව දරණ ආකල්ප නිසා එම ක්‍රම දීර්ඝ කාලීනව රදවා ගැනීම අපහසු විය.
කෑගල්ල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ඇති පාසල් සදහා මේ වන විටත් විධිමත් කසල කළමනාකරණ වැඩපිළිවෙලක් සකස් කර ඇති අතර වරිපනම් බදු ගෙවන කුඩා බිම් ප්‍රමාණයක නිවාස තනා පදිංචි වී ඇති ජනතාව දෛනිකව ඉවත් කරන කසල විථි ඇමදිමෙන් ලබාගන්නා කසළ හා සතිපොළ භූමියෙන් ඉවත් වන කසල බැහැර කිරීමට ක්‍රමවේදයක් අවශ්‍යව ඇත.කසල අවිධිමත්ව බැහැර කිරීම නිසා ඩෙංගු වැනි මදුරුවන්ගෙන් බෝවන රෝග ව්‍යාප්ත වීමේ ප්‍රවණතාවය වැඩි වී ඇත.

කසල එකතු කිරීමේ ක්‍රමවේදය

නගර සභා බල ප්‍රදේශය තුළ පවතින්නාවු පහත සඳහන් කාණ්ඩයන්ට අයත් කර් මාන්ත ශාලා වෙනුවෙන් මධ්‍යම පරිසර අධිකාරිය මගින් නිකුත් කරන්නාවු කොන්දේසි මත නගර සභාවෙන් පාරිසරික බලපත්‍රයක් ලබා ගත යුතු ය.

ශ්‍රමිකයින් දැනුවත් කිරීම හා පුහුණු කිරීම

අදාල නිළධාරී හා ශ්‍රමිකයින් , ව්‍යාපෘතියට අදාල දැනුවත් කිරීම් සඳහා විෂයානුබද්ධ දැනුවත් කිරීමේ වැඩමුළු මඟින් සිදු කිරීමට නියමිතය.

තාක්ෂණික උපදෙස් ලබා ගැනීම

ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය තාක්ෂණික උපදෙස් මධ්‍යම පරිසර අධිකාරියේ පිළිසරු ආයතනය හා පළාත් පාලන රේඛීය අමාත්‍යංශයේ ඝන අපද්‍රව්‍ය කළමනාකරණ මධ්‍යස්ථානයේ සහය ඇතිව ලබා ගැනීම

දිරන කසල එකතුකිරිමේ සැලැස්ම -කෑගල්ල ප්‍රාදේශීය සභාව

 ගමන් මාර් ගය      ආරම්භ කරන වේලාව ​    එකතු කරන දිනය ​
 1. කෑගල්ල ප්‍රාදේශිය සභා කාර්යාලය, පරගම්මන හන්දිය, අශෝකාරාම විහාරස්ථානය, විකල්ප මාර් ගය, කරඬුපන හන්දිය හරහා සල්ගහවත්ත පුවක්දෙනිය,රන්දෙනිය ප්‍රාදේශීය සභා සීමාව අවසානය දක්වා - මීපිටිය විකල්ප මාර් ග පිවිසුම හරහා හෙට්ටිමුල්ල ගම්සභා හන්දිය මොරොන්තොට මොරදන 10 කණුව සිට නැවත මොරොන්තොට ජීව වායු ඒකකය දක්වා.  පෙ.ව.9.00 සතියේ සෑම සදුදා බදාදා සහ සිකුරාදා දිනකම

නොදිරන කසල එකතුකිරිමේ සැලැස්ම -කෑගල්ල ප්‍රාදේශීය සභාව

 කාරණය      කාල රාමුව ​    වගකීම ​    අධික්ෂණය ​
 01 බුළුගහදෙණිය, මලවිට , මාකූර, හෙට්ටිමුල්ල, කවුඩුගම ,දික්කොහුපිටිය,තලේවල  සෑම මසකම 1 වන අගහරුවාදා වැඩ පරිපාලක, පරිසර නිලධාරි
 සභාපති/ලේකම්
 02 දිවෙල මැදගම, දීවෙල පල්ලේගම, ඇවුණුගල්ල, මිනුවන්ගමුව  සෑම මසකම 2 වන අගහරුවාදා වැඩ පරිපාලක, පරිසර නිලධාරි
 සභාපති/ලේකම්
 03 වඩුපොල , අලපලාවල, නිලපලාගම්මන, මීදෙනිය උතුර, මීදෙනිය දකුණ, උඩුමාගම , වතුර ,හපුවිට පල්ලේගම, ගොඩිගමුව  සෑම මසකම 3 වන අගහරුවාදා වැඩ පරිපාලක, පරිසර නිලධාරි
 සභාපති/ලේකම්
 04 අතුරුපාන , ඇරෑගම ,මාබෝපිටිය , බොස්සැල්ල, බෝගල , ගංතුන උතුර ,ගංතුන දකුණ  සෑම මසකම 4 වන අගහරුවාදා වැඩ පරිපාලක, පරිසර නිලධාරි
 සභාපති/ලේකම්
 05 කලුගල්ල, දියගම, කොලොන්ගල්ල ,පුවක්දෙනිය, දිඹුල්ගමුව, කරඬුපන ,උඩකරුඬුපන, පල්ලේවෙල  සෑම මසකම 1 වන බ්‍රහස්පතින්දා වැඩ පරිපාලක, පරිසර නිලධාරි
 සභාපති/ලේකම්
 06 මොරදන, හිග්ගොඩ, තියබරාහේන ,රොටුව, හුම්ගම්පල, උදුගොඩ, බෙලිහුල්වාන, ගුරුල්ලවල  සෑම මසකම 2 වන බ්‍රහස්පතින්දා වැඩ පරිපාලක, පරිසර නිලධාරි
 සභාපති/ලේකම්
 07 අඹන්පිටිය, වෑවලදෙනිය, ඌරාඋල්ල, පරණගම්පල, ඔලගන්කන්ද, සියඹලාපිටිය, පුස්සැල්ල  සෑම මසකම 3 වන බ්‍රහස්පතින්දා වැඩ පරිපාලක, පරිසර නිලධාරි
 සභාපති/ලේකම්
 08 වල්දෙනිය, බෙරගල, දික්ඇල්ල, නිල්මල්ගොඩ, පරගම්මන, ඇකිරියගල, බුලුරුප්ප  සෑම මසකම 4 වන බ්‍රහස්පතින්දා වැඩ පරිපාලක, පරිසර නිලධාරි
 සභාපති/ලේකම්

දෙනිකව කසල එක් රැස් කරන ප්‍රමාණයන්

 ප්‍රභවය      ප්‍රමාණය (කිලෝ ග්‍රෑම්) ​
 මොරොන්තොට නගරය පිරිසිදු කිරිම  100
 නිවාස  150
 හෝටල්  200
 සති පොළ  200