මෙහෙවර
වරිපනම් යනු
පළාත් පාලන ආයතන බල ප්‍රදේශයේ ජීවත්වන ජනතාවගේ සෞඛ්‍යය හා සනීපාරක්ෂක,පහසුව සුභ සාධනය සැලසීම වෙනුවෙන් , ඒ බල ප්‍රදේශයේ ඇති එක් එක් දේපළෙහි වාර් ෂික තක්සේරු වටිනාකම් එකතුවෙහි අනුපාතයක් වශයෙන් ඒ එක් වටිනාකම් එකතුවෙහි අනුපාතයක් වශයෙන් ඒ එක් එක් දේපළ මත පනවා අය කරනු ලබන බද්ද.
වරිපනම් ජනතාවගෙන් අය කරනු ලබන්නේ,
ප්‍රාදේශීය සභා පනතේ 134 (1) වගන්තිය අනුව වරිපනම් බදු පනවා අය කිරීමට ලබා දී ඇති බලය අනුව, ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුල ජීවත්වන ජනතාවට අවශ්‍ය සේවාවන‍් සැපයීම උදෙසා අරමුදල් සම්පාදනය කර ගැනීමට.
වරිපනම් ගෙවීමෙන් ජනතාව ලැබෙන වාසි / අවාසි
වරිපනම් නොගෙවීම නිසා වන අහිතකර බලපෑම්
තත්සේරු ලේඛනයෙහි නම ඇතුලත් කිරීම.
තත්සේරු ලේඛනයෙහි නම ඇතුලත් කිරීම යනු,
යම් කිසි දේපළක් මිලදී ගැනීමෙන් පසුව හෝ දේපළක් පැවරීමකදී මෙන්ම නීතියෙන් එකී දේපළ යම් කිසි පුද්ගලයකුට හිමි වුවහොත් හෝ එම දේපළෙහි පෙර සඳහන් නාමය වෙනස් කිරීම මෙම තත්සේරු ලේඛනයෙහි නම ඇතුලත් කිරීම ලෙස හැදින්වේ.
ව්‍යාපාරයන්ගෙන් අයකරනු ලබන ගාස්තු (බදු)
ව්‍යාපාරයක් යනු කුමක්ද?
කිසියම් ලාභයක් ඉපැයීමේ අරමුණින් පවත්වාගෙන යනු ලබන භාණ්ඩ හෝ සේවා හුවමාරු ක්‍රියාවලියක් ව්‍යාපාරයක් වේ.
පළාත් පාලන ආයතනයක් විසින් තම බලසීමාව ඇතුළත පවත්වාගෙන යනු ලබන ව්‍යාපාර පිළිබඳ සමීක්ෂණයකින් පසු එම ව්‍යාපාර ප්‍රධාන වශයෙන් කොටස් ත්‍රිත්වයකට බෙදනු ලැබේ.
1.වෙළඳ බලපත්‍ර ගාස්තුවකට යටත්කරනු ලබන ව්‍යාපාර
කෑගල්ල ප්‍රාදේශීය සභා සීමාවේ පවත්වාගෙන යනු ලබන ව්‍යාපාරයන් අතුරින් 1939 අංක 61 දරණ නගර සභා ආඥා පනතින් හෝ ඒ යටතේ පනවා ඇති අතුරු ව්‍යවස්ථාවන්ට අනුකූලව කිසියම් ව්‍යාපාරයක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් අදාළ වර් ෂයට වෙළඳ බලපත්‍රයක් ලබාගත යුතු වූ විට ඒ සඳහා ලබාගත යුතු බලපත්‍රය වෙළඳ බලපත්‍රය වේ. ඒ සඳහා පළාත් පාලන ආයතනයට ගෙවිය යුතු ගාස්තුව වෙළඳ බලපත්‍ර ගාස්තුව වේ.
වෙළඳ බලපත්‍රයක් ලබා ගත යුත්තේ ඇයි?
වෙළඳ බලපත්‍රයක් ලබා ගන්නා ආකාරය
වෙළඳ බලපත්‍රයක් ලබා නොගත් විට
වෙළඳ බලපත්‍රයක් ලබා ගැනීමේ වාසි
• සැළකිය යුතු වේ
සෑම වර්ෂයකදිම ජනවාරි මස වෙළඳ බලපත්‍රය ලබා ගත යුතුවේ.
ප්‍රමාද ගාස්තු වශයෙන් දිනකට රු 250.00 + රජයේ බදු බැගින් අධිකරණ නියෝග මත අමතර දඩ අය කර ගනු ලැබේ.
2.කර් මාන්ත බද්ද සහ ව්‍යාපාරික බද්ද
ව්‍යාපාරික ස්ථාන පිළිබඳව කරනු ලබන සමීක්ෂණයෙන් පසු බලපත්‍රයන්ට යටත්කළ යුතු ස්වභාවයේ ව්‍යාපාරයන් වෙන්කර ඉන් අනතුරුව කර් මාන්ත ස්වභාවයේ ව්‍යාපාරයන් වෙන්කරනු ලැබේ. එසේ වෙන්කිරීමෙන් පසු ඉතිරිවන සියලුම ව්‍යාපාරයන් වාර් ෂික ව්‍යාපාරික බද්දට යටත්කරනු ලැබේ.
මේ සඳහා පවතින නෛතික තත්ත්වය
කර් මාන්ත බද්ද පැනවීම - 2023
| කර් මාන්තයේ ස්වභාවය | පරිශ්‍රයේ වාර් ෂික වටිනාකම | ||
| රු.750 නොඉක්මවන අවස්ථාවක |
රු.750 ඉක්මවන එහෙත් රු.1,500 නොඉක්මවන අවස්ථාවක |
රු.1,500 ඉක්මවන අවස්ථාවක | |
| 01 කුෂන් වැඩපලක් පවත්වාගෙන යාම | 500.00 |
750.00 |
1000.00 |
| 02 ස්වර්ණාභරණ නිපදවීම | 500.00 | 750.00 | 1000.00 |
| 03 මැටි භාණ්ඩ නිපදවීම | 500.00 | 750.00 | 1000.00 |
| 04 දුරකථන/ඡායා පිටපත් යන්ත්‍ර අලුත්වැඩියා කිරීම | 500.00 | 750.00 | 1000.00 |
| 05 මැණික් කැපීම හා ඔප දැමීම | 500.00 | 750.00 | 1000.00 |
| 06 මිනී පෙට්ටි නිපදවීම | 500.00 | 750.00 | 1000.00 |
| 07 වඩු කර්මාන්තශාලා | 500.00 | 750.00 | 1000.00 |
| 08 තේ කර්මාන්තශාලා | 500.00 | 750.00 | 1000.00 |
| 09 ගමන් මළු නිපදවීම | 500.00 | 750.00 | 1000.00 |
| 10 පාවහන් නිෂ්පාදනය | 500.00 | 750.00 | 1000.00 |
| 11 ගීත/වීඩියෝ පටිගත කිරීම හෝ තැටිගත කිරීම | 500.00 | 750.00 | 1000.00 |
| 12 පින්තූර රාමු කිරීමේ වැඩපල | 500.00 | 750.00 | 1000.00 |
| 13 කොහු නිෂ්පාදනය | 500.00 | 750.00 | 1000.00 |
| 14 මුද්‍රණාලයක් පවත්වා ගෙන යාම | 500.00 | 750.00 | 1000.00 |
| 15 ඩිජිටල් ප්‍රින්ටින් | 500.00 | 750.00 | 1000.00 |
| 16 ඡායා පිටපත් | 500.00 | 750.00 | 1000.00 |
| 17 ඇඳුම් මැසීමේ ස්ථාන (ටේලර් ෂොප්) | 500.00 | 750.00 | 1000.00 |
| 18 ජංගම දුරකථන අළුත්වැඩියා කිරීමේ ස්ථාන | 500.00 | 750.00 | 1000.00 |
| 19 ඉලෙක්ට්‍රොනික උපකරණ අලුත්වැඩියා කිරීම | 500.00 | 750.00 | 1000.00 |
|
20 නගර සහ උද්‍යාන අලංකරණ සැලසුම් සකස්කරනු ලබන ස්ථානයක් පවත්වාගෙන යාම |
500.00 | 750.00 | 1000.00 |
ව්‍යාපාරික බද්ද පැනවීම - 2023
| බද්ද අදාළ වන වර් ෂයට පෙර වර් ෂයේ ව්‍යාපාරයෙන් ව්‍යාපාරයෙන් ලත් ලැබීම් ප්‍රමාණය |
බද්ද අදාළ වන වර් ෂයට පෙර වර් ෂයේ ව්‍යාපාරයෙන් ව්‍යාපාරයෙන් ලත් ලැබීම් ප්‍රමාණය රු. |
| රුපියල් 6,000.0 නොඉක්මවන අවස්ථාවක | - |
| රුපියල් 6,000.0 ඉක්මවන එහෙත් රුපියල් 12,000 නොඉක්මවන අවස්ථාවක | 90.0 |
| රුපියල් 12,000.0 ඉක්මවන එහෙත් රුපියල් 18,750.0 නොඉක්මවන අවස්ථාවක | 180.0 |
| රුපියල් 18,750.00 ඉක්මවන එහෙත් රුපියල් 75,000.0 නොඉක්මවන අවස්ථාවක | 360.0 |
| රුපියල් 75,000.0 ඉක්මවන එහෙත් රුපියල් 1,50,000 නොඉක්මවන අවස්ථාවක | 1,200.0 |
| රුපියල් 1,50,000 ඉක්මවන අවස්ථාවක | 3,000.0 |
ව්‍යාපාරික බද්දට යටත්වන විෂයයන්
01. ආයුර් වේද බෙහෙත් අළෙවිය
02. ඇස් කණ්නාඩි අළෙවි කිරීම
03. ඉංග්‍රීසි බෙහෙත් අළෙවිය (ෆාමසි)
04. ඉන්දන පිරවුම්හල
05. උකස්ව බඩු ගන්නා ස්ථාන
06. උත්සව භාණ්ඩ කුලි පදනම මත සැපයීම
07. කුළු බඩු එකතු කිරීම හා අලෙවිය
08. කෘෂි උපකරණ අලෙවිය
09. කොමිස් නියොජිතවරුන්/වෙන්දේසිකරුවන්
10. ඛණිජ තෙල් ලිහිසුම් තෙල් අළෙවිය
11. ගෘහ නිර් මාණ සුළසුම් ස්ථානයක් පවත්වාගෙන යාම
12. ගෘහ භාණ්ඩ අළෙවිය
13. ගෘහ සේවක ස්විකාවන් සැපයීම
14. ගොඩනැගිලි ද්‍රව්‍ය අළෙවිය
15.ග්‍රොසරි පවත්වාගෙන යාම
16. ඡායරූප ශාලාවක් පවත්වාගෙන යාම
17. තරාදි අලෙවිය
18.තේ පිටි සකස් කිරීම හා අළෙවිය
19.තොග වෙළදාම
20. දන්ත ශල්‍යාගාරයක් පවත්වාගෙන යාම
21.දැව/ලී අළෙවිය
22.දුම් පරීක්ෂණ මධ්‍යස්ථානයක් පවත්වාගෙන යාම
23.දුරකථන අලෙවිය
24.දුරකථන සේවා(කොමිනිකේෂන්)
25.දේශිය වෛද්‍ය මධ්‍යස්ථානයක් පවත්වාගෙන යාම/ ආයුර් වේද බෙහෙත් ශාලාවක් පවත්වාගෙන යාම
26.නිමි ඇදුම් අලෙවිය
27.නොතාරිස්/නිතීඥ කාර්යාලයක් පවත්වාගෙන යාම
28.පරිගණක අධ්‍යාපන ආයතනයක් පවත්වාගෙන යාම
29. පරිගණක/පරිගණක උපාංග අලෙවිය
30.පාවහන් අලෙවිය
31.පුද්ගලික නියෝජිත තැපැල් කාර්යාල
32. පූජා භාණ්ඩ අලෙවිය
33. පෞද්ගලික අධ්‍යාපන ආයතනයක් පවත්වාගෙන යාම
34. ප්ලාස්ටික් භාණ්ඩ අළෙවිය
35. බටහිර වෛද්‍ය මධ්‍යස්ථානයක් පවත්වාගෙන යාම(මෙඩිකල් සෙන්ටර්)
36. රටබීම අලෙවිය
37. මල් සහ පැළ වර්ග අලෙවිය
38. මැටි භාණ්ඩ අලෙවිය
39. මිශ්‍ර වෙළදාම
40. මූල්‍ය ආයතන
41. මොටර් වාහන අමතර කොටස් අලෙවිය
42. මොටර් සයිකල් අලෙවිය
43.යන්ත්‍රසූත්‍ර කුලී පදනම මත සැපයීම
44. රක්ෂණ නියෝජිත ආයතනයක් පවත්වාගෙන යාම
45. රථ වාහන අලෙවිය
46.රථ වාහන කුලී පදනම මත යෙදවීමේ ස්ථානයක් පවත්වාගෙන යාම
47. රන් භාණ්ඩ ස්වර්ණාභරණ අලෙවිය
48. රා තැබෑරුමක් පවත්වාගෙන යාම
49. රියදුරු පුහුණු පාසලක් පවත්වාගෙන යාම
50. රෙදිපිළි වෙළදාම
51. රේස් ඔට්ටුපොළක් පවත්වාගෙන යාම
52. ලිපිද්‍රව්‍ය පාසල් උපකරණ අලෙවිය
53. ලේ/ මුත්‍ර පරීක්ෂාව/ රසායනාගාර සේවාවන් පවත්වාගෙන යාම
54. ලොතරැයි අලෙවිය
55. විදුලි උපකරණ අලෙවිය
56. විසිතුරු භාණඩ අලෙවිය
57.විඩියෝ පටි/ තැටි කුලියට දීම හා අලෙවිය
58. ව්‍යායාම උපකරණ අලෙවිය
59. ශබ්ද විකාශන යන්ත්‍ර කුලී පදනම මත සැපයීම
60. ශරීර සුවතා මධ්‍යස්ථාන
61.සාත්තු සේවා කටයුතු
කුලී
කෑගල්ල ප්‍රාදේශීය සභාව සතු දේපළක් පරම අයිතියෙන් බැහැර නොකර බදු අයිතිය පමණක් සුදුසු පුද්ගලයෙක් ටෙන්ඩර් පටිපාටිය අනුගමනයකරමින් තෝරාගෙන සාධාරණ තක්සේරුවක් මත ගාස්තුවකට යටත්කරමින් ලබා දීම කුලී පදනමින් ලබා දීම වේ.
දේපළෙහි වර් ග ප්‍රමාණය සහ පොදු පහසුකම් මත කුලිය තක්සේරු කරනු ලැබේ.
එය රජයේ තක්සේරු දෙපාර්තමේන්තුවෙන් හෝ ආදායම් පරීක්ෂක විසින් කරනු ලැබේ.
අයකරනු ලබන කුලිය පිළිබඳව සභාව හා බදුකරු යන දෙපාර්ශවයම එකඟවෙමින් ගිවිසුමකට එළඹිය යුතුය. ඉන් අනතුරුව සිදුවන සියලු සිදුවීම් ගිවිසුම් ප්‍රකාරව සිදුවිය යුතුවේ. ගිවිසුම් කොන්දේසි උල්ලංඝනය වීම යන කාරණය මත දේපළ සභාවට පවරාගැනීම සිදුවේ.
විනෝද බදු
විනෝද බදු යනු කුමක්ද?,
176 අධිකාරිය ප්‍රසිද්ධ රඟ දැක්වීමේ ආඥා පනතේ පළවන වගන්තිය ප්‍රකාර කෑගල්ල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ පැවැත්වෙන සෑම සංගීත සංදර්ශනයක්, චිත්‍රපට දර්ශනයක්, මැජික් සංදර්ශනයක්, සර්කස් සංදර්ශනයක් නාට්‍ය දර්ශනයක් මෙරිගො රවුන්ඩ්, කතුරු ඔන්චිල්ලා, මාරක ළිඳ මෝටර් සයිකල් ධාවනය වැනි ඕනෑම සැනකෙළි දර්ශනයක් සඳහා මුද්‍රණය කර අලෙවි කරණු ලබන ප්‍රවේශ පත්‍රවල වටිනාකමින් 25% විනෝද බද්ධක් ලෙස අය කෙරේ.
සතිපොල ගාස්තු අය කිරීම.